පොල් වගාවේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව පොල් වගාවේ ගැටලු සම්බන්ධයෙන් 1916 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට කතා කර විසදුම් ලබාගත හැකියි

පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව ලබන සඳුදා සිට ක්‍රියාත්මක එම දුරකථන අංකය මගින් දැනුම් දෙන ගැටළු සදහා ක්ෂණික ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරින් සූදානම් කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පවසා සිටියා.