පොල් ගෙඩියක් රුපියල් 130 ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 02 ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10 ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

රජයට අයත් වතුවල තිබෙන පොල් මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.