ඊයේ (18) සවස් නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන කුඩා ලොරි රථයක් හඹා ගොස් වෙඩි තැබීමෙන් රියදුරා එතැනම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැඩ නිමවී නිවස බලා යමින් සිටි තෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මේ සිදුවීමත් ස්මාග එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු ජනතාව නාරම්මල පොලිසියට පහර දී අලාභහානි සිදු කර ඇති බවත් සඳහන්.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ආසන්නයේ ගමන් ගත් කුඩා ලොරියකට නවත්වන ලෙස අණ කර ඇත. ලොරිය නොනවත්වා ධාවනය කිරීමේදී හඹාගෙන ගොස් වෙඩි තැබූ බවයි ජනතාව චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ නිලධාරීන් ඔවුන් බිය ගැන්වීම සඳහා ගිනි අවිය එල්ල කරද්දී වැරදීමකින් එය ක්‍රියාත්මක වී ඇති බවයි.