ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ  වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකගතාවය පළ කර තිබෙන බව සදහන් වනවා.

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, එම ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව ද වාර්තා වෙනවා.