කීර්තිබණ්ඩාර පුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(05) උදෑසන මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත. ඒ ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදි බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.