මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළවෙනි බලවේගය බවට පත්වන බව පොහොට්ටුවේ ජනපති අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී පක්ෂ අපේක්ෂකවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ශක්තිමත්ව මැතිවරණය විශ්වාස කරන ලෙසත් තම පක්ෂය විශ්වාස කරන ලෙසත් ඔහු පාර්ශිකයන්ට පවසා සිටියා

ඒත් සමගම පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසට සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නැවත එක්වන ලෙස ඔහු එහිදී අරාධනා කළා.