ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ නම්, ඔහුට “අම්මෝ උඩින් දෙන්නේ” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මෙසේ පැවැසුවේ ඊයේ ජනමාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමකදීය.

කෙසේවෙතත් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කළයුතු බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

ඒ අත​ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂය සඳහන් කර​යි.

ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමු​ණ දේශපාලන මණ්ඩලය අද බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේ රැස්වීමට නියමිතයි.