ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේදීත් තම සහායෝගය ලබාදෙන බවයි

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙන බව සදහන්