ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත්වන බව අද නිල වශයෙන් (27) ප්‍රකාශ කලේය.

ඒ ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ‘එක්ව ජයගමු’ මැතිවරණ රැලිය අමතමිනි.

මෙම රැලියේදී ස.ජ.බ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ඔහු හා එක්වූ අතර මෙ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 40කට වැඩි පිරිසක්ද මේ සඳහා එක්ව සිටියේය.