ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.

ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බව මාධ්‍යය වෙත අදහස් දක්වමි​න් එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ප්‍රකා​ශ කර ඇත.

තව​ද මාධ්‍යය වෙත අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.