මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා  හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් බැගින්  ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පෞද්ගලික  අංශය විසින් සැපයීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000කට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබා දෙන අතර එම මිලටම යුරියා පොහොර  ලබා දීමට පෞද්ගලික  අංශය ද එකඟත්වය පළ කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.