“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙන් ජාතික ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එහි සභාව අමතමින් ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ජනාධිපති බලතල සීමා කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමට බැදී සිටින බවයි

එසේම විධිමතව ගොඩනගන ලද අමාත්‍යාංශ සංඛ්‍යාව උපරිම 25කට සීමා කරන බවත් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 25කට සීමා කරන බවත් රාජ්‍ය අමාත්‍යධුුර අහෝසි කරන බවත් ඔහු පවසා සිටියා .

රටට ශක්තිමත් විදේශ ප්‍රතිපත්ති අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අපේ කලාපයේ ආරක්ෂාවටත් , වෙනත් රාජ්‍යන්ට තර්ජනයක් වන ආකාරයටත් ලංකාවේ ගොඩබිමත් , මුහුදත් ,ගුවනත් උපයෝගි කරගැනීමට කිසිදින ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් ඉඩ නොදෙන බවත් ජාතික ජනබලවේගයේ විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්මය එය බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරනය කර සිටිය