රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බවත් ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාවය ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන් එකඟතාවයෙන් වැඩ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.