ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසා ඇත.

දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගෙන ඇති  අතර ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර තිබේ.