අද (22) උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.

අනතුර සිදුවූ අවස්තාවේදී බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි