බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබෙනවා

එල්ල වූ දැඩි ජනතා විරෝධය නිසා ඇය මෙම තීරණය ගෙන ඇති බව සදහන්

කෙසේ නමුත් මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.