බංග්ලාදේශ කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පළමු විස්සයි-20 තරගය අද පැවැත්විණි. එහිදී ‌‌ ඓතිහාසික තරග ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ නවසීලන්තයේදී සිය පළමු විස්සයි-20 තරග ජය වාර්තා කරමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 134ක් පමණි. අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 18.4 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 137 රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. බංග්ලාදේශය ජයග්‍රහණය රැගෙන ගිය ලිටන් දාස් නොදැවී ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

තරග 03කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තරග 1-0 ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටී.