බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව පවසනවා.

නිමා වූ පන්දුවාර 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගාවලිය බව ශකිබ් පවසනවා.

එමෙන්ම, ශකිබ් අල් හසන් වැඩිදුරත් පවසන්නේ ලබන ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු තමන් ටෙස්ට් දිවියට ද සමුදීමට බලාපොරොත්තු වන බවයි.