2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ නිවෙස්, ආයත​න වෙත ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව අද (07) සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරි​දි මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් බිලියන 1,417ක් බදු වශයෙන් අය කරගෙන ඇත.

2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීම් කාලසීමාව සැප්තැම්බර් 30 වනදායි අවසන් වු බවත් යම් තැනැත්තෙක් බදු ගෙවීම පැහැර හරින්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහය පොලියකට යටත් වන බවත්, එම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙසේ නමුත් හිඟ බදු පවතීනම් ඒ සියල්ල ඔක්තෝම්බර් මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් එ​ම නිවේදනයේ දක්වා ඇත.