2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණා

තමන් අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ සිය පක්ෂයේ එක්සත් බව වෙනුවෙන් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ජනපති බයිඩන් පවසා සිටියා

කෙසේ වුවත්  හිටපු කතානායිකා නැන්සි පොලොසි ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයින් පවා බයිඩන් අපේක්ෂකත්වයෙන් ඉවත්විය යුතු බවට මත පළ කිරීමත් සමඟ එල්ල වූ පීඩනය බයිඩන්ගේ එම තීරණයට හේතුවක් වූ බවට බොහෝ පිරිස් මත පලකලා