ගාසා තීරයේ දින 3ක සටන් විරාමයක් සඳහා එකඟවන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා, එම ඉල්ලීම කර ඇත්තේ ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමිනි.

ඒ හරහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුවකට අවතීර්ණ විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය, මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

ගාසා තීරය වෙත ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවති.

ඒ හේතුවෙන් මියගොස් ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 10,000කට අධිකයි.

ඊශ්‍රායලයේ ද 1400 කට අධික පිරිසක් මිය ගියහ.

වාර්තා වන ළමා මරණ සංඛ්‍යාව, 4104 කි.