කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව සදහන්

අදාළ පෞද්ගලික බස් රථයට  ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටීම වැළැක්වීමට බසයේ රියදුරු උත්සහ දැරූ අවස්ථාවේදී බසය මාර්ගයෙන් ඉවතට පෙරළි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි

එම අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඇති අතර තුවාලකරුවන් අතර බසයේ මගින්ද ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ද සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.