අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසිංහ  පැවසුවේ බස් රථ මගී ගාස්තු සියයට පහකින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි

අවම බස් ගාස්තුව රුපියල් 28 දක්වා අඩු කරන ​බවත් මෙම ගාස්තු සංශෝධනය ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවත් ඔහු කියා ​සිටියා

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ‌මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.