බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධයෙන් විවිධාකාර චෝදනා ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත් හේරත් අද පැවති කැබිනට් හමුවේදි පිලිගත්තේය.
චෝදනා එල්ලවන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කඩිනමින් මෙරටට ගෙනවාගැනීම මගින් රටට යම් ගැටළුවක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රමානුකුලව කටයුතු කරන බව ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහකොමසාරිස්වරයාගේ නිවසේ සේවය කළ සේවකයකුගේ ගුවන් ගමන් බලපත්‍රය රඳවාගෙන සිටි බව දැනගන්නට ලැබුණු බවත්, පසුව අදාළ සේවකයාට මෙරටට පැමිණීමට පහසුකම් රජය විසින් සපයා දුන් බවද හෙතෙම අනාවරණය කළේය.
චෝදනා එල්ලවන ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධයෙන් රජය ක්‍රමානුකුලව කටයුතු කරන බවත්, දේශපාලන පත්වීම් ලද ඇතැමුන් නුදුරේදීම සේවා කාලය නිමවා මෙරටට පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.