එක්සත් රාජධානියේ 2024 මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය නිල වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ඇත.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ ආසන 650 න් 410 ක් ලබාගෙන බහුතර බලයක් තහවුරු කරගැනීමට මේ වන විට කම්කරු පක්ෂය සමත්ව ඇති අතර ප්‍රබල කන්සවේටිව් පක්ශය ආසන 131 දිනාගැනීමට සම්ත්ව ඇත. ඒ අනුව කම්කරු නායක 61 හැවිරිදි Keir Starmer අගමැති වනු ඇති අතර ආණ්ඩුවක් පිහිටුවිමට ඔහුට හැකියාව ලැබෙනු ඇත.

Image

Labour Party leader Keir Starmer acknowledges his supporters during a post election rally at the Tate Modern in London, Friday, July 5, 2024. (AP Photo/Kin Cheung)

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ජනතාව “සන්සුන් තීන්දුවක් ලබා දී ඇත” බවයි. ඒත් සමගින් ලේබර් පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බව ඔහු පිළිගත් බව විදෙස් මාධය වාර්තා කරයි.

අනෙක් සුවිශේෂ කරුණ නම් 2017 සහ 2019 මහ මැතිවරණයට ලේබර් පක්ෂයට නායකත්වය දුන් ජෙරමි කෝබින් උතුරු ලන්ඩනයේ ඔහුගේ ආසනය මෙවර ස්වාධීනව තරග කොට ලබාගෙන ඇත.

Image

Sir Jacob Rees-Mogg looks at his phone at the University of Bath, in Somerset, during the count for the North East Somerset and Hanham constituency, July 5, 2024. (Jonathan Brady/PA via AP)

තවද හිටපු අගමැතිනිය Liz Truss හට මැතිවරනයේදී ඇයගේ මන්ත්‍රී අසුනද අහිමි වී ඇති අතර ට්‍රස් සිය නොර්ෆොක් සවුත් වෙස්ට් ආසනය ලේබර් පක්ෂයට අහිමි වී ඇත්තේ ඡන්ද සිය ගණනකිනි.

හවුස් ඔෆ් කොමන්ස් නායක පෙනි මෝර්ඩවුන්ට් ඇතුළු තවත් ඉහළ පෙළේ සහ ජ්‍යෙෂ්ඨ කොන්සර්වේටිව් නීති සම්පාදකයින් කිහිප දෙනෙකුට ද සිය ආසන අහිමි වි ඇති බව වාර්තා වේ. Mordaunt සිය දකුණු එංගලන්තයේ Portsmouth North ආසනය කම්කරු පක්ෂයේ Amanda Martin වෙත ඡන්ද 1,000කටත් වඩා අඩුවෙන් පරාජයට පත්ව ඇත. III චාල්ස් රජුගේ රාජාභිෂේකයේදී මෝර්ඩන්ට් ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ ඇය උත්සවය තුලදී විශාල කඩුවක් ඉහළට ඔසවාගෙන සිටීමත් සමගයි.

Image

Member of Parliament Penny Mordaunt speaks at the Conservative Party annual conference in Manchester, England, Oct. 4, 2023. (AP Photo/Jon Super)

ආසන අහිමි වූ අනෙක් අය අතර අධ්‍යාපන ලේකම් ගිලියන් කීගන් සහ හිටපු ව්‍යාපාරික ලේකම් ජේකොබ් රීස්-මොග් ද ඇතුළත් වේ.

ඒ අනුව ලේබර් පක්ශයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් කරා ගෙන ගොස් ඇති අතර, 1997 සිට පිට පිටම තුනක් ජයග්‍රහණය කළ ටෝනි බ්ලෙයාර්ගෙන් පසු එක්සත් රාජධානියේ ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කළ මධ්‍ය-වාම පක්ෂයෙන් පළමු නායකයා ඔහු බවට පත්ව ඇත.

1990 ගනන්වල “නව කම්කරුවන්” ලෙස පක්ෂය ප්‍රතිනිර්මාණය කළ බ්ලෙයාර් මෙන්ම, 61 හැවිරිදි ස්ටාමර් ද ඊයේ(04) පැවති මැතිවරනයේදී රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයට එරෙහිව කම්කරු පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කොට ඇත.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ නායකයන් ලේබර් පක්ෂ නායක Keir Starmer ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුබ පැතුම් එවා ඇති බවද වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese X හි සටහනක් මගින් පවසන්නේ නව බ්‍රිතාන්‍ය රජය සමඟ “ඵලදායි ලෙස වැඩ කිරීමට” බලාපොරොත්තු වන බවයි.

නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් ද ස්ටාර්මර්ට සුබ පැතීමට X හි සටහනක් තබමින් “නවසීලන්තය සහ එක්සත් රාජධානිය හොඳ මිතුරන් වන අතර එකට තවත් බොහෝ දේ කළ හැකිය.” යනුවෙන් සඳහන් කර ඇත. තවද “ඔබේ ජාතියට සහ නවසීලන්තයට මිත්‍රත්වයට ඔබ කළ සේවය වෙනුවෙන්” අගමැති රිෂි සුනක් වෙතද ලක්සන් සිය ස්තුතිය එක් කොට ඇත.