බ්‍රිතාන්‍ය මහමැතිවරණය හේතුවෙන් එරට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා .

ඒ අනුව එරට පාර්ලිමේන්තු​වේ  මන්ත්‍රී ආසන 650ක් පුරප්පාඩු ව​නු ඇත.

මැතිවරණයට පෙර සති පහක ප්‍රචාරක කාලයක්ද ලබා දී තිබෙන බැවින් මෙම වසරේ ජූලි 4 වන දින මැතිවරණය පැවැත්වීමට ​නියමිත​යි

2019 වසරේ දෙසැම්බර් මස අවසන් වරට පැවති බ්‍රිතා​න්‍ය මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළ අතර නැවත මහ මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුනේ 2025 වසරේදීයි.

එබැවින් බොහෝ පිරිස් පැවසුවේ බ්‍රිතා​න්‍ය මහ මැතිවරණය ඔක්තෝබර් හෝ නොවැම්බර් යන මාසවල පවත්වනු ඇති බවටයි.

එබැවින් මෙම මහ මැතිවරණය හදිසි මහමැතිවරණයක් ලෙසටයි බොහෝ  දේශපාලන විචාරකයින් පවසන්නේ

කෙසේ වෙතත් ඇතැම් විචාරකයින් පවසන්නේ මෙම හදිසි මැතිවරණය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ බලය නැවත ලබා ගැනීමේ උපක්‍රමයක් බවයි.