බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි අමාත්‍යවරුන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය බ්‍රිතාන්‍ය සහ ගෝලීය දකුණ සමඟ සබඳතා යළි පිහිටුවීමේ උත්සාහයක් ලෙසයි සැලකෙයි

ආර්ථිකය වර්ධනය කිරීමට සහ දේශගුණික විපර්යාස වලට මුහුණ දීමට රජය දරන ප්‍රයත්නවලදී ඉන්දියාව “අනිවාර්‍ය හවුල්කරුවෙකු” ලෙස ඩේවිඩ් ලැමි හඳුන්වා දී ඇති අතර ඉන්දියානු ආර්ථිකය නුදුරේදීම ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත නිසා බ්‍රිතාන්‍ය නව කම්කරු රජය නිදහස් වෙළඳ ගිවිසුමක් තහවුරු කර ගැනීමට උනන්දුවන බවද සඳහන්.

නව විදේශ ලේකම් ලෙස වැඩ භාර ගෙන තුන්වන සතියෙදී ඩේවිඩ් ලැමි සිදු කළ මෙම සංචාරයෙදී ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා