වසර 17ක කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් ස්ටුවට් බ්‍රෝඩ් සිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.

37හැවිරිදි බ්‍රෝඩ් ටෙස්ට් තරග 167කට, එක්දින ජාත්‍යන්තර තරග 121කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 56කට ක්‍රීඩා කර කඩුලු 845ක් දවාගෙන ඇත.

2007 දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි බ්‍රෝඩ්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙයි.

බ්‍රෝඩ් ඕවල් හිදී පැවැති තරඟයේදී ඔහුගේ 150වැනි අළුබඳුන කඩුල්ල දවා ගත් අතර, 05වැනි අළුබදුන තරගය බ්‍රෝඩ්ගේ අවසන් තරගය වනු ඇත.

කවිඳු කාරියවසම්