පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අකෘති තුනේම නායකත්වයෙන් ඉවත් වී තිබේ.

ඔහු X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබේ. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායමට බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, ඒත් සමගින් බාබර්ගේ නායකත්වය සම්බන්ධයෙන් බොහෝ අය විවිධ අදහස් පළ කළේය.