ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින ‘බාර්බි’ චිත්‍රපටයට අරාබි කලාපයේ රටවල් කිහිපයක් දැඩි විරෝධයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය මේ වනවිට කුවේටයේ තහනම් කර ඇති අතර ලෙබනනයේ ද තහනම් කරන ලෙස ඉල්ලීම් මතුවෙමින් ඇති බව සඳහන් වේ.

කුවේට් බලධාරීන් පවසන්නේ ‘සමාජ ආචාර ධර්ම’ ආරක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගත් බවය.

මේ අතර එම චිත්‍රපටය මගින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බව ලෙබනනය සදහන් කර ඇත.

නමුත් සෞදි අරාබිය ඇතුළු එම කලාපයේ රටවල් කිහිපයක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

මීට සති කිහිපයකට පෙර එළිදැක්වූ මෙම චිත්‍රපටය මේ දක්වා ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ඇති බව සඳහන් වේ.