දෙසැම්බර් මාසයෙන් පසුව මෙරටට බිත්තර ආනයන නොකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත.

බිත්තර නිෂ්පාදනය වැඩිවී මෙරට බිත්තර මිල පහල යනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

මෙරටින් මාසිකව බිත්තර මිලියන 1.5ක් මාලදිවයිනට අපනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ලබන වසරේ සිට තවත් රටවල් හතරකට බිත්තර අපනයනය කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.