බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ශ්රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවයි.
“තොග වෙළෙඳුන් විශාල ප්රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා. දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘතිමව සිදුවෙනවා ද කියලා අපිට ප්රශ්නයක්.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.