පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල මේ වනවිට යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් ඇත.

එම මි​ල දිනෙන් දින ඉහළ යන බ​ව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.

එසේම පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව වැඩිදුරටත් වාර්තා වේ.