ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා බිල් ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක ඊයේ (ඔක්. 3) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබ ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.