බුදුන්ගේ පුනරුත්පත්තියක් යැයි දහස් ගණනක් දෙනා විශ්වාස කළ  2005 වසරේදී  “Buddha Boy” ලෙ​ස  ලොව වඩාත් ප්‍රකට වූ  33 හැවිරිදි රාම් බහදූර් නම් පුද්ගලයාට නේපාල අධිකරණයක් විසින් පසුගිය ජූ​ලි (01)දා  වසර 10 ක සිර දඬුවමක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූ මොහුට  නේපාලයේ සර්ලාහි දිස්ත්‍රික් උසාවියේ අධිකරණ නිලධාරි සිකින්දර් කාපර්  විසින් වින්දිතයාට ඩොලර් 3,750ක වන්දියක් ගෙවන ලෙසද ​නියෝග කර තිබෙනවා

කෙසේ නමුත් ඔහුගේ නීතීඥවරයා පවසා ඇත්තේ තීන්දුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.