පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කර ඇත.

අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් එසේ මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව ඔහු සදහන් කර ඇත.

අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගෑස් මිල අඩු කළ පමණින් සිය නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.