ඊශ්‍රායලය, ලෙබනනයේ බේරුට් අගනුවරට එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බේරූට් ඇතුළු නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය ඊයේ අනතුරු අඟවා තිබුණු අතර ඔවුන් ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර නොතිබුණු රෆීක් හරීරි යුනිවසිටි රෝහල පිහිටි ප්‍රදේශයටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව​ට ලෙබනනය චෝදනා කර ඇත.

එම ස්ථානයේ සිට මීටර් 400 දුරින් බේරුට් ගුවන් තොටුපළද පිහිටා තිබේ.