බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද   ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසසාගල රත්නායක මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.