අද (02) හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා සොයාගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ මෙම මළසිරුර දුටු  ප්‍රදේශවාසින් දිඹුල පතන පොලීසියට මේ බ​ව දැනම් දී තිබෙනවා

මියගිය පුද්ගලයා අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙක් වන අතර කොටගල නගරය හරහා ගමන්  කිරීමේදි මෙ​ම අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පතන පොලීසිය පවසා සිටියා