බොරැල්ල කනත්තේ කුළුණුවල ඡායාරූප තිබෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකවලට ද බදු අංක ලබාගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසා ඇත.

ව්‍යාජ බදු අංකවලට රේගුව හරහා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කරන බවට තොරතුරු ලැබී තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මෙරටට භාණ්ඩයක් ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට බදු අංකයක් අවශ්‍ය වන අතර එම බදු අංක ව්‍යාජ ලෙස සකසන බවට තොරතුරු ලැබී ඇති බව ද එම නිසා රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව ද මන්ත්‍රීවරයා පවසා ඇත.

යම් කිසි භාණ්ඩයක් පළමුවන වරට ආනයනය කිරීම සඳහා ද එම භාණ්ඩවල වටිනාකමට අනුව තාවකාලික බදු අංකයක් අවශ්‍ය අතර එම බදු අංක ද ව්‍යාජ ලෙස සකසා එම භාණ්ඩ ආනයනය කරන බව වලේබොඩ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.