පසුගිය වසර තුළ තිරගත කෙරුණු සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට වල සමස්ත ගෝලීය ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2500ක් ඉක්මවා ඇති බව වාර්තා වනවා.

පසුගිය වසර තුළ ශාරුක් රංගනයේ යෙදුණු Pathaan, Jawan යන චිත්‍රපට සහ තවමත් තිරගත වෙමින් පවතින Dunki යන චිත්‍රපට ත්‍රිත්වයම බොක්ස් ඔෆිස් හි අති සාර්ථක වූ අතර, 2023 වර්ෂයට අදාළව එම චිත්‍රපට ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ලද ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2503ක් ලෙසයි වාර්තා වුණේ. එය ඉන්දියානු සිනමා ඉතිහාසයේ නළුවකු කෝටි 2500 ක ආදායමක් ඉක්මවූ ප්‍රථම හා එකම අවස්ථාව ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.

2023 වසරේ ශාරුක් ඛාන් රංගනයේ යෙදුණු එක් එක් චිත්‍රපටය ලද ආදායම් මෙසේයි..

Pathaan කෝටි 1050.3
Jawan කෝටි 1148.32
Dunki කෝටි 305*