පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් නටවා නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා තිබේ.

පළාවර්ග, අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු බව වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කර ඇත.

ඔහු පැසුවේ ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවය.

මේ අතර ආරක්ෂිත කඳවුරුවලට සිටින පිරිස් අතර පැපොල, ඇස් ලෙඩ, ශ්වසන රෝග ආදී රෝග පැතිරිය හැකි බැවින් රෝග ලක්ෂණ මතු වූ වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසුරිය අවධාරණය කර ඇත.