බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මුහම්මද් යුනුස් බංග්ලාදේශයට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශයට පැමිණි පසු නොබෙල් ත්‍යාගලාභී 84 හැවිරිදි යුනුස් මේ වන විට බංගලාදේශයේ කළ යුතු වැඩ රාශියක් ඇති බව පවසා තිබෙනවා

බංග්ලාදේශයේ ඇතිවූ අර්බුධකාරී තත්වයන්ගෙන් අනතුරුව තමන් මිලිටරි නායකත්වයෙන් යුත් ආන්ඩුවක් පිළි නොගන්නා බවත් රටට නායකත්වය දිය යුත්තේ මහාචාර්ය යුනුස් බවටත් ශිෂ්‍ය නායකත්වය අවධාරණය ක‍ර තිබුණා.

ඒ අනුව ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය කළ බව සදහන්

දුප්පතුන්ගේ බැංකුකරුවා ලෙස හඳුන්වන මහාචාර්ය යුනුස් වසර ගණනාවක අත්තනෝමතික පාලනයකින් පසු බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එනු ඇති බව සියළු දෙනා බලපොරොත්තුවයි

බංගලාදේශය යළි ගොඩනැගීමට නම් “විනය” අවශ්‍ය බව නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් මෙහිදි අවධාරණය කර තිබෙනවා.