ඊයේ (25) ට යෙදී තිබුණු ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව පද්ම සම්මාන ලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව, ඉන්දියානු ප්‍රරවැසියෙකුට ලැබිය හැකි දෙවන ඉහළම සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් පුද ලැබීමට 90 හැවිරිදි ප්‍රවීණ නිළි වෛජයන්තිමාලා නම් කොට තිබෙනවා. මීට අමතර ව දකුණු ඉන්දියානු නළු චිරන්ජීවි ද පද්ම විභූෂණ සම්මානය සඳහා නම් කොට තිබෙනවා.

එමෙන්ම, 70-80 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ 73 හැවිරිදි මිථුන් චක්‍රබෝර්ති , 76 හැවිරිදි ගායිකා ඌෂා උතප් සහ සංගීතඥ ප්‍යාරේලාල් ශර්මා ඉන්දියානු ප්‍රරවැසියෙකුට ලැබිය හැකි තුන්වැනි ඉහළම සම්මානය වන පද්ම භූෂණ සම්මානය සඳහා නම් කොට තිබෙනවා.

මෙම වසරේ පද්ම සම්මාන 132ක් සඳහා සම්මාන ලාභීන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවා පද්ම විභූෂණ සම්මාන 5ක් පද්ම භූෂණ සම්මාන 17ක් සහ පද්ම ශ්‍රී සම්මාන 110ක් වශයෙන් පිරිනැමීමට නියමිතයි.

  • උමේශ් ද සිල්​වා