පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 4 ක් පුරා තමන්ට චෝදනා කළද channel 4 වීඩියෝව හරහා වෙනත් කරුණු අනාවරණය වන බැවින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට ලිපියක් භාරදීමට කටයුතු කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති පරිදිම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.