මත්තල ගුවන් තොටුපොළින් රුපියල් බිලියනයක මුදලක් පාඩුවී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අද (05) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මෙය ඉදිකරනු ලැබුවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා කටුනායකට ගොඩ බෑමට නොහැකි වන විට හදිසි ගොඩ බෑම් ලෙස මත්තල භාවිතා කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපොළ සඳහා වෙළෙඳ සැලසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් අසනු ලැබූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.