ජාතික ජන බලවේගය සමඟ සන්ධාන ගත වන විට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකු උත්සාහ දරමින් සිටින බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක සඳහන් කරයි.
නමුත් ඔවුන්ගේ දේශපාලන භාවිතාව අයහපත් නිසා තම පක්ෂය ඔවුන් එක්කර ගැනීම ප්රතික්ෂේප කරන ලද බවත්, ඒ අනුව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වන්නේ එවන් පිරිසක් බවද මන්ත්රීවරයා පවසා ඇත.
රට විනාශ කිරීමට වග කිවයුතු මන්ත්රීවරුන්ගේ සහාය කිසි විටෙකත් තම පක්ෂය ලබා නොගන්නා බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
අනුරාධපුර බුල්නැවේදී පැවති එම පක්ෂ ගොවි සමුළුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කර ඇත.