ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති
බවට තොරතුරු හෙළි වී තිබීමත් සමග මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා

ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇති බව සදහන්

ඊට අමතරව සැකකරුවන් රටින් පලායාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැනුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

එසේම මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදිසියකින් සිටින බවද සදහන්