මේ වන විට සමාජ මාධ්‍යය තුල ශ්‍රි ලංකා කණ්ඩායමේ නව නායක චරිත් අසලංක කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇත. ඒ එලඹෙන ඉන්දීය කණ්ඩායමෙ ශ්‍රි ලංකා තරඟ සංචාරයේදී ‘කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස කණ්ඩායමට අවශ්‍යයි’ බව ඔහු තේරීම් කමිටුවෙන් ඉල්ලා ඇති බවට වන ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

නමුත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක චරිත් අසලංකගෙන් Xposure News අප කල විමසීමකදී ඔහු පැවසුවේ ” මම එහෙම කිව්වෙ නැහැ.” යනුවෙනි.

කෙසේ නමුත් කුසල් මෙන්ඩිස් එලඹෙන ඉන්දීයාව සමග පැවැත්වෙන තරඟාවලියෙන් ඉවත් කර ඇති බවට නීත්‍යානුකූල දැනුම්දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් කර නොමැත.

ඒ අතර ඉන්දියානු තරඟාවලිය සඳහා කුසල් ජනිත්, දිනේශ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට එක්වීමට බොහෝ ඉඩ ඇති අතර සදීර සමරවික්‍රම සහ දනන්ජයද සිල්වා සංචිතයෙන් විසි වීමට ඉඩ ඇති බව විශ්වාස දායක ආරංචි මාර්ග සඳහන් කරයි.