වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව විපක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් 76 හැවිරිදි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ දශක ගණනාවක දේශපාලන සේවයෙන් පසු තමා විවේක ගැනීමට අදහස් කරන බවයි.

මේ අතර ඔහුගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල සමගි ජන බලවේගය පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ඒ බව තහවුරු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ පිළිබඳව හෙට දිනයේ දී හෙළිකරන බවයි.